Archive for October 2011

ජේ.ඩී the දුකා....

11 Comments »


අද ලියන්න යන්නේ ටිකක් වෙනස් විදියේ..... ඒත් සුපුරුදු මඤ්ඤං ජාතියේ පෝස්ට් එකක්ම තමාzzzzz :D

මේක ලියන්න හිතුනෙ පෙරේදා රැ නිදාගන්නකොට හිතිච්ච දෙයක් හන්දා. ඉතින් හැමදාම වගේ නිදාගන්න කලින් එක එක විකාර හිත හිතා ඉන්නකොට, එකපාරටම මතක් උනා මූණු පොතේ ( සිංහලෙන්ම කිව්වොත් එෆ්.බී එකේ ) කාලයක් මාත් දුක් ගන්නා රාළ කෙනෙක් වෙලා හිටිය නේද කියලා :D . ඒ කාලෙනම් ඇත්තටම පික්සුම පික්සු සිරාම කාලයක්. සමහර දේවල් මත වෙනකොට අදටත් හිනා යනවා ඒත් සමහර දේවල් මතක් වෙනකොට දුකත් හිතෙනවා.  ඉතින් ඒ දවස්වල ඔය ජේ.ඩී ද දුකාzzz  කියන කාඩ් එක වැටෙන්න හේතුවක් තිබ්බා. ඒ තමයි ඉතින් හැමෝම දන්නවා වගේ දුක්ගන්නා රාළගේ වැඩේට ජේ.ඩී යා අතගහලා තිබුන එක :D

ඉතින් ඒ දවස්වල ඔය දුක්ගන්නා රාළගේ වැඩේ කොර කොර හිටපුඑක තමා මගේ එකම විනෝදාංෂය උනේ. වැඩකට කියලා කරන්න වෙන කිසිම දෙයක් තිබ්බෙත් නැ ( අපොස උ.පෙළ ඉවර වුන ගමන් වගේ ). මොකෙක්හරි සෝක මූඩ් ගහන් ඉන්නවා දැක්ක ගමන් ගිහින් ඒ මනුස්පයාව කතාවට අල්ලන් ඒකගෙ දුක් ගැනවිල්ල අහන් ඉන්න එකතමා වැඩේ. උඩින් බැලුවට මේක ලේසී වගේ ඒත් ඇත්තටම එහෙම නැ අහන ප්‍රෂ්ණවලට උත්තර දෙන්නත් එෆැයි අෆ්ෆා. ඉතින් ගොඩක් වෙලාවට කියන්නේ හම් හුම් තමා. වැඩිය දේවල් කියන්ත් බැහැනේ මහ ගොන් උත්තරයක් දුන්නොත් අනිවා ඒකේ රිටර්න් එක කැරකිලා මටම එනවා කියන එක ගොනාට වගේ තේරිලා තිබ්බේ :D ( කොහොමත් උපදෙස්නම් දෙන්න ගියෙ නැතිතරම් :)

හරි ඉතින් ඒකත් එහමයි කියමුකෝ...... දැන් ඉතින් කොල්ලො කෙල්ලො වැල නොකැඩී එක එකාගේ දුක කියනවලූ. මාත් අහන් ඉන්නවලු. උන් කියනවා මම අහනවා, මම කියනවා........ උන් අහන්නේ ඉන්නේනැ. :D  කොහෙද ඉතින් උන්ට ඔව්වා අහන්න සිහියක්. ගොඩක්ම ලව් කේස් දුක්ගැනවිලි හන්දා ලවේන් පික්සු වැටිලා ඒක ගැනම තමා ඒවෙලාවෙත් කම්පනා කොරල තියෙන්නේ :D  සමහර උන්ගෙ ගෙවල් වලින් ප්‍රෂ්ණලු, තව සමහරුන්ව දාලා ගියාලු, තවත් සමහරු 50% ලව් ලු. ඔන්න ඔහොම තමා සුපුරුදු ලිස්ට් එක. හැබැයි ඉතින් ගොඩක් එවුන් ඉක්මනට හිත හදාගත්තා. ඒත් තාමත් ලවක් නැ කිය කිය අඬන පොඩි එවුන් දෙන්නෙක් උන්ගෙ දුක ගැන කියනවා :D

ඔන්න ඔහොමලු ඉතින් ඒ දවස්වල ජේ.ඩී ට දුකා කාඩ් එක වැටුනේ :) ඉතින් කාලෙකට පස්සෙමේ ලඟදි ආයෙමත් ෆේස් බුකියට ඇබ්බැහිඋනා. ඉස්සරවගේම දුක් ගැනවිලි දෙක තුනකුත් අහන්න හම්බුනා.  ඉතින් ඒක නිසා සුපුරුදු රස්සාවට ටිකකාලෙකට හරි බැහැලා මනුස්සයෙක්ගෙ දුකක් අහලා ඒ හිතට පොඩිහරි සැනසීමක් දෙන්න පුලුවන්නම් ඒක කොච්චර දෙයක්ද කියන අයිඩියාz කැල්ල ආවේ අර නිදාගන්න වෙලාවෙ හිතුන පික්සු විකාර අස්සේ :D ඒ අස්සෙම මට මෙහෙමත් හිතුනලූ.............

මිනිස්සු ගොඩක් වෙලාවට තමන්ගෙ හිතේ තියෙන දුක හිරකරගෙන විඳින වේදනාව කොච්චරද කියලා ඒ මිනිස්සුන්ගෙ කතාවලට ඇහුම් කන් දුන්නොත් හොඳට දැනගන්න පුලුවන්. සමහරු කියන්න ලැජ්ජයි, තවත් සමහරු හරි බයෙන් ඉන්නවා, තවත් කට්ටියක් හරිම ආසාවෙන් ඉන්නවා හිත සැහැල්ලු කරගන්න. ඒත් ඒ අයට ඇහුම්කන් දෙන්න කවුරුත් නැතිහන්දා හිත ඇතුලෙන් විඳව විඳව ඉන්නවා.

ඔන්න ඔය වගේ දේවල් ගොඩාක් හිතුනා, එහෙම හිතාගෙන යද්දී. ඉතින් මම පොඩි ආරාධනයක් කරන්න කැමතී මේ පෝස්ට් එක කියවන අයට, උඩ කියල තියෙනව වගේ හිතින් දුක් විඳින කාගෙහරි හිතක් පොඩ්ඩක්හරි සුවපත් කරන්න  උදවු වෙන්න කියලා. ඒක ලොකු පිනක් වේවී. තමන්ට ඒකෙන් සතපහක්වත් හම්බුනේ නැතිඋනාට ඒකෙන් ලැබෙන ආත්ම තෘප්තිය ගැන වචන වලින් නිමකරලා කියන්න බැරිබව මම හොඳට දන්නවා. කෙනෙක් සතුටින් ඉන්නවා බලලා සතුටුවෙනඑක තරම් දෙයක් ලොවේ කොහෙවත් නැ කියල තමා මටනම් හිතෙන්නේ. ඉතින් ඔයාලත් පොඩි උත්සහයක් අරන් බලන්න. එහෙනම් මම යනවාzzz හැමෝටම ජයවේවාzzzzzzzz :D

අහ් අමතක උනානේzzzzzzzzzzz.  ඔයාලත් යන්නකලින් මේකත් පොඩ්ඩක් අහලම යන්න. හිතට වදින ලස්සන සිංදුවක් :)