හැටට හැටේ බෑම 1


දැන් ඉතින් කාලයක් තිස්සෙ මම සරුවට කරගෙන යන දෙයක් තමා ජාලෙන් එක එක දේවල් ( මට වැදගත් කියලා හිතෙන දේවල් ) බෑම. ඉතින් බදාගෙන කෑමට වඩා බෙදාගෙන කෑමේ රස වැඩීයි කියල කතාවක් තියෙනහන්දා මට හිතුනා මම ඉගෙන ගත්තු දේවල් ටිකක් z එක කිය්වන්න එනකස්ටියට කියලා දෙන්න කියලා. 
                                           අදකාලෙ වෙනකොට ගොඩක් කz...ටිය බානවා කියලා අහුවෙන හැමදේම බාගන්නවා ආයිත් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නැ. ඒත් ඒක එහෙම උනාට ඒ දේම හැම තිස්සෙම කරනවා. හරියට ජාලෙ තියෙන ෆයිල්ටික හෙට වෙනකොට නැතිවෙයි කියලා වගේ :)  මාත් කාලයක් ඔය මෝඩ කමම කලා.  හැබැයි ටිකක් කල්යනකොට මටම තේරුනා ඒක කොයිතරම් අපරාධයක්ද කියලා. 

එක අතකින් කාලය අපතේයාම, තව අතකින් දෘඩතැටියේ ( හාර්ඩ් ඩිස්ක් ) ධාරිතාව අනවෂ්‍ය ලෙස නැතිවීයාම , මුදල් නාස්තිවීම ( සීමිත පරාසයක බැමේ ධාරිතා සම්බන්දතා තිබෙන අයට ) වගේ දේවල් හන්දා අසීමිතලෙස අනවෂ්‍ය බාගත කිරීම් කොහොමත් සුදුසු නැ කියලා තමා මගේ මතය.   

හරි දැන් මත පැත්තකට තියලා කියාගෙන ආපු කතාවටහැරෙමු :) අද ඉඳන් මම සැරින් සැරේ පෝස්ට් වලින් ලියන්න බලාපොරොත්තුවෙනවා අපිට ඕනෙකරන ෆයිල් එකක් හරි මෘදුකාංගයක් හරි එහෙම නැත්තම් පරිගණක ක්‍රීඩාවක් සිංහලෙන්ම කියනවනම් කම්පියුටර් ගේම් එකක් හරි චිත්තරපටයක් හරි ඔය මොකක් හරි වෙඩිමක් හරියට ඉතා සුලුවෙලාවකින් බාගත කරගන්න හැටි. ඉතින් එතකොට මම අර උඩින් කිව්වා වගේ කිසිම දෙයක් වෙන්නෙ නැනේ....... අවෂ්‍ය වෙලාවට බාගන්න පුලුවන්. ක්‍රමේ දන්න හන්දා වැඩේ ගොඩ :) කෝමද මගෙ ටිකිරි මොලේ  zzzzzzzzzzzzz :)

ඔන්න දැන් ඉතින් පට්ටන් ගන්නයිz හදන්නේ........................... 
ඉස්සෙලම ඩවුන්ලෝඩ් කරන ලින්ක් ගැන පොඩ්ඩක් හොයලා බලමු. මේ ලින්ක් වර්ග දෙකකට බෙදන්න පුලුවන්   ( දන්න අය ඉන්න පුලුවන් )

1 ටොරන්ට් ඩවුන්ලෝඩ්z ( මෘදුකාංගයක් හරහා බාගතකිරීම් - සරල පැහැදිලි කිරීමක් )
2  ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්z  ( ජාලයෙන් කෙලින්ම බාගතකිරීම )

 මේ ලින්ක් ජාති දෙවර්ගයෙන්ම බාගතකිරීම් කරන්න පුලුවන් උනාට, ටොරන්ට් වල තියෙන ෆයිල් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් තරම් වේගයකින් බාන්නබෑ. ඒකට හේතුව ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්නකොට හම්බෙන ෆයිල්එක ජාලෙ කොහේ හරි තැනක තියෙන ෆයිල් එකක් වීම. ටොරන්ට් ෆයිල් වලින් දෙන ලින්ක් එකට අයිති ෆයිල් එක එහෙම කොහේවත් ජාලෙ රඳවලා නැ. ඒ ෆයිල් එක අපිට බගන්න පුලුවන් වෙන්නේ ඒ ෆයිල් එක ලබාදෙන කෙනාගේ කම්පියුටර් එකේ ඉඳලා අපේ කම්පියුටර් එකට කෙලින්ම්. එතනදී ජාලයතුල කිසිම තැනක ගබඩා කිරීමක් වෙන්නේ නැ ( පස්සෙ දවසක මේක ගැන වෙනම විස්තරයක් කරන්නම් ).

දැන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්z ගත්තම ගොඩක් වෙලාවට අපිට බාගත කරගන්න හම්බෙන්නේ කැලි කැලි විදියට. ( සාමාන්‍යයෙන් මෙගා බයිට් 100කට 200කට වැඩි ෆයිල් ) ඒ වුනාට ටොරන්ට් ෆයිල් වල එහෙම දෙයක් නැ ගිගාබයිට් 100ක් වුනත් එකපාර බාගන්න පුලුවන්. ඒවුනාට යන කාලය දිහා බැලුවම ඒක ඩවුන්ලෝඩ් කරන්න හිතෙන්නෙ නැ :) 
 තව දෙයක්, ඩිරෙක්ඩවුන්ලෝඩ් ලින්ක් ලැබෙන්න කලින් ඒක ජාලෙට අප්ලෝඩ් කරන අය අප්ලෝඩ් කරන්නෙ ගොඩක් වෙලාවට ජාලය තුල නොමිලේ ලබාදෙන ඉඩකඩකට ( හොට්ෆයිල්, රැපිඩ් ශෙයාර්, මෙගා අප්ලෝඩ් සහ වෙනත් ) . අපි බාගතකිරීම කරන්නෙත් නොමිලේ විදියටම නිසා අර වෙබ්සයිට් වලින් කියන වෙලාවල් වලට අපිට බලාගෙන ඉන්න වෙනවා. ඒ කියන්නේ එක ෆයිල් එකක් බාලා තව විනාඩි 20ක් විතර බලන් ඉන්න ඔනේ ( මුදල් ගෙවා පාවිච්චි කරන එව්වගේ මේ අවුල නැ ). ඔය බලාගෙන ඉන්න එක මගහරින්න පොඩි පොඩි ගැජට් තියෙනවා. ඒවා ගැනත් පස්සෙ කියන්නම්. 

එහෙම බලාගෙන යද්දි ඒකත් එපාවෙනවා ( ලොකු ෆයිල් එකක් නම් ). හැබැයි ඔය තාක්ෂණ දෙකම එකතු කරලා ඒ කියන්නේ ඩිරෙක්ට් ඩවුන්ලොඩ එක්ක ටොරන්ට් ඩවුන්ලෝඩ් එකතුකරලා ෆයිල් එකක් ඉක්මනට ජාලෙන් බාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. මේක කරන්නේ එක වෙබ් අඩවියක් හරහා. අපිට අවෂ්‍යවෙන්නේ ටොරන්ට් ෆයිල් එකකුයි අන්තර්ජාල සම්බන්ධතාවයි විතරයි ඩවුන්ලෝඩ් මැනේජරයක උදවුගන්න තියෙනවනම් තවත් මරු :)

ඉස්සෙල්ලම ලෙසන්z එක විදියට මේ ක්‍රමේ කියලා දෙන්නම්z. මම කියපුටික ලැස්තිකරගන්න. සමහරවිට අද හැන්දැවෙද්දි ක්‍රමේ කියලා දෙන පෝස්ට් එක දාන්න පුලුවන් වෙයි ( ශුවර්මනැ හොඳේ ) . ටොරන්ට් ෆයිල් හොයාගන්න බැරි අයට ඒ ක්‍රමෙත් කියලා දෙන්නම් අනික් පෝස්ට් එකේදි . එහෙනම් ඔබසැමට ජයවේවාzzzzz ටට්සි බායිzzzzz :)

 අඩුපාඩු සහ ගැටළු තියෙන්න පුලුවන්. මොනවහරි අවුලක් තියෙනවනම් කමෙන්ට් එකකින්හරි මේල්ලුවකින් හරි කියන්න. මේන් ඊතල මේල්ලුව z@thejdonline.com

This entry was posted on Saturday, January 22, 2011. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response.

6 Responses to “හැටට හැටේ බෑම 1”

  1. එළ එළ අද දාපන් කොහොමහරි ..

    ReplyDelete
  2. ඈ බං ඕකටද ලොකු පෝස්ට් එකක් කිව්වේ :D කෝ බං පටන් ගත්තා විතරයි ඉවර උනානේ මුකුත්ම නැතුව. ඉක්මනට දාපන් ඉතුරු ටික ;)

    ReplyDelete
  3. නියම දෙයක් ගැන ලියලා තියෙනවා මචන්. නෙට් යූස් ක‍්රන ගොඩ දෙනෙක්ට තියෙන ගැටලුවක්නෙ ඔය බාන වැඩේ... එල එල කොල්ලො.....

    ReplyDelete
  4. හොට්ෆයිල්, රැපිඩ් ශෙයාර්, මෙගා අප්ලෝඩ් සහ වෙනත් අඩවි වල තියෙන එක ෆයිල් එකක් බාලා වැඩි වෙලාවක් බලාගෙන ඉන්න ඕනේ නෑ රවුටරයක් හරහා ජාලගත වෙනව නම්...

    එකක් බාලා රවුටර් එක රීස්ටාර්ට් කරන්න (ඕෆ් කරලා ඕන් කරන්න.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි... :D

    කොච්චර සිම්පල් ප්ලෑන් එකක් නේ ද.... :P

    ReplyDelete
  5. හයියෝ. පටන් අරන් විතරනේ බං.. මමත් කරන්නේ ටොරන්ට් ඒවට ඩිරෙක්ට් ලින්ක් අරන් බාන එක තමා.. ඊලඟ කොටස දා... ඉක්මනට..

    ReplyDelete
  6. ඉක්මනට දාමු අනිකත්...:D

    ReplyDelete