හැටට හැටේ බෑම 2


හරේ ඔන්න ආවාz..... :) ඊයේ රෑ දාන්න හිටපු පෝස්ට් එක අපේ වැෆානිස් ගොයියයි මරණෙ මාමයි එකතුවෙලා ප්‍රකාශයට පත්කල බ්ලොග් සතිය අදින් පට්ටන්ගන්න හින්දා අදට කල් දැම්මා ( මගේ කම්මැලිකම හන්දා ) .

ඒකතාව පැත්තකට තියලා අදනම් ක්‍රමේ කියලම පෝස්ට් එක ඉවර කොරන්න හිතාගෙන ආවේ. ඒ අස්සෙ කලින් පෝස්ට් එකට කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි :) අපේ සොරෝ මහත්තයා කියපුකතාව ගැන වෙනම කියලා දෙන්නම් දවසක.

කෝ මම ලැස්තිකරගන කියපු භාණ්ඩ ටික ගත්තනම් එහෙනම් :) 

හරි ඔන්න එහෙනම් ඉස්සෙල්ලම ටොරන්ට් ෆයිල් ගන්නතැන්  දන්නෙ නැති අයට ඒ තැන්ටික කියලම ඉන්නම්. ගොඩක් තැන් තිබ්බට මමනම් ඉතින් ගොඩක් වෙලාවට ගන්නෙ එකම තැනකින් 
ඔන්න ඔය ලින්ක් එකේ තියෙන සයිට් එකේ දෙවනියට තියෙන මුහුදු මංකොල්ල කාරයන්ගෙ සීන් එකෙන් තමා මමනම් ගොඩක් වෙලාවට ලින්ක්z ගන්නේ :) ඒ මොකද දන්නවද ? මමදැන් කියන්න යන සයිට් එකෙන් කිසිම අවුලක් නැතුව ඔය මංකොල්ල කාරයෝ දෙන ලින්ක්z බාගන්න පුලුවන්. ඔය ලිස්ට් එකේ උඩම තියෙන එකේ සුට්ටන් නීතිමය ගැටළුවක් හන්දා අර මොකාද එකා මොකෙන්ද එළිය බලනවා වගේ තමා හම්බෙන ලින්ක් එකකින් ෆයිල් එකක් බාගන්න වෙන්නේ ( ඉතාම කලාතුරකින් හරියනවෙලා තියෙනවා ). ඉතින් දැන් ලින්ක් එක ගන්න සයිට් එකක් තිබ්බට මදි ඒ ලින්ක් එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඔනේ. සමහරවිට වයිරස් හිටන් ඔය ලින්ක් හරහා ඩවුන්ලෝඩ් වෙන්න පුලුවන් හන්දා.  

අනික සීඩර්ස්ලා, ලිචර්ස්ලා ( මොනහරුපද මන්දා ) http://answers.yahoo.com/question/index?qid=20070613224743AA5GEky ( දැන් හරිනේ ;) හැම ටොරන්ට් ෆයිල් එකක් ගන්න කලින්ම මේවා ගැන පොඩ්ඩක් හොයලා බලන්න . තව වැදගත්ම දේතමයි ඒ ටොරන්ට් ෆයිල්එක ගැන බාන අය දාන කමෙන්ට්z, එතකොට ෆුල් අයිඩියාර්z එකක් ගන්න පුලුවන් මොනවගේ භාණ්ඩයක්ද අපි බාගන්න යන්නේ කියලා. හරි ඔන්න ටොරන්ට් ගැන කතාවත් ඉවරයි ( ටොරන්ට් ගැන පස්සෙ දාන්නම් අටුවා ටීකා එක්කම )

 ඊලඟට කරන්න තියෙන්නේ මෙන්න මේ සයිට් එකට ගිහින් ඇතුල්වෙන එක. http://torrific.com  ගිහින් සයින් අප් ටැබ් එක ඔබලා එයා අහන ප්‍රෂ්ණ ටිකට උත්තර දුන්නම හරි. වැඩේ ගේමක්වත් නැතුව ඉවරකරගන්න පුලුවන් වැඩිම උනොත් විනාඩියක් යයි :) හරි එතකොට ඒකත් හරි. 

ඊලඟට අපි බලමු මේ සයිට් එක පාවිච්චි කරලා ටොරන්ට් ෆයිල් එකක් කෙලින්ම බාන්නේ කොහොමද කියලා. 


ඉස්සෙල්ලම අපි ටොරන්ට් ෆයිල් එක ගන්න සයිට් එකට ගිහින් අපිට අවෂ්‍ය හොඳම ටොරන්ට් ෆයිල් එක, ඒ කියන්නේ සීඩර්ස්ලා හොඳට ඉන්න හොඳ කමෙන්ට් එහෙම වැටිලා තියෙන ලින්ක් එකක් තෝරලා ඩවුන්ලෝඩ් දිස් ටොරන්ට් ( සයිට් එකට අනුව වෙනස්වෙනවා ) කියලා තියෙන තැන මවුස් එක රයිට් ක්ලික් කරන්න. එතකොට එන ලිස්ට් එකෙන් කොපි ලින්ක් ලොකේෂන් කියන එක තෝරන්න. එතකොටනින් ටොරන්ට් සයිට් එකෙන් කරගන්න තියෙන වැඩෙත් අහවරයි.

 ඊලඟට අපි යමු අපේ විස්තරටික දීලා අපි ඇතුල්වුන සයිට් එකට. එතන තියෙනවනේ මෙන්න මේ වගේ


සර්ච් කරන්න පුලුවන් සර්ච් බාර් එකක් එතනට ගිහින් අපි අර අරන් ආ ලින්ක් එක පේස්ට් කරන්න. ඒක කරන්නෙ අපි කොපිපේස්ට් කරන විදියටම තමා රයිට් ක්ලික් කලා පේස්ට් කියන එක එබුවා. හරි ඕන් ඒ වැඩෙත් ඉවරයි. 

අනික් වැඩේ කරන්න කලින් බලන්න අපි පේස්ට් කරපු ලින්ක් එකේ අන්තිමට .torrent කියන එක්ෂ්ටේන්ෂන් එක තියනවද කියලා. එහෙම නැත්තම් ඒක වෙන මොකක්හරි වෙනින් ලින්ක් එකක් :) ඊට පස්සෙ කරන්න තියෙන්නෙ සර්ච්බාර් එකේ ගෙට් කියන බටනෙක එක ඔබන එකතමා. ඊටපස්සෙ එයි මෙන්න මේවගේ පේජ් එකක්.



 සමහරවිට ඒක මේවගේ වෙන්නත් පුලුවන් .



  පලවෙනි විදියට එන්නේ ඒ ෆයිල් එක මේ සයිට් එකහරහා කවුරුහරි බාලා නැති හින්දා හරි මේ වෙනකොට මේ සයිට් එකේ කැෂ්ෆයිල් වලින් ඒ ටොරන්ට් ෆයිල් එකට අදාල ෆයිල් එක මකලාදාලාහරි වෙන්න පුලුවන් හන්දා. එතකොට දෙවෙනි විදියට එන්නේ මේ වෙනකොටත් කවුරුහරි මේෆයිල් එක සයිට් එකේ කැෂ්කරලා තියෙනවා කියන එකයි. මේ අවස්තා දෙකම අපිට සම සමව දැකගන්න පුලුවන් ගොඩක් ජනප්‍රිය ටොරන්ට් ගත්තොත් දෙවෙනි විදියට වැටෙන සම්බාවිතාව වැඩියි. 


පලවෙනි විදියට වැටිල තිබ්බොත් එතන යටින් පෙන්වන බටන් එක ඔබලා ටිකක් වෙලා ඉන්න වෙනවා ( සයිට් එකට ඒ ටොරන්ට් එක බාගන්නකන් ). දෙවෙනි එක වැටුනොත් එවෙලෙම අපිට ටොරන්ට් එක ඩිරෙක්ට් විදියට අපේ මැසිමට බාගන්න පුලුවන්.

ඔය හැම එකකටම කලින් කරන්න ඔන වැඩේ අතිමටම කියන්නේ ඒ තමා ඩවුන්ලෝඩ් මැනේජරේ මැසිමේ ඉන්ස්ටෝල් කොරගන්න කතාව. ඒක අන්තිමට කියන්න හිටියෙ බාගත කොරගන්න කස්ටිය ලැහැස්තිවෙන්නේ දැන් හින්දා නිසා :)  ඒක ඉන්ස්ටොල් කොරගත්තම වැඩේ 99% ඉවරයි. දැන් තියෙන්නේ සුබ බැමක් කියලා බාගෙන යන්න. 

හැබැයි බාගෙන යද්දි සුලු සුලු අවුල් එන්න පුලුවන්. ඒ ඔක්කොම වෙන්නේ අපි පාවිච්චි කරන ඩයනමික් අයිපී හන්දයි, අපේ ජාල කනෙක්ෂන්වල වේගය හන්දයි. හදිසියෙවත් බබා ඉද්දි කරන්ට් ගියොත් හරි කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වුනොත් හරි කරන්න තියෙන්නෙ සුලුම සුලු දෙයයි. 

ආයිත් අර සයිට් එකට ගිහින් හෝම් කියන ටැබ් එක ඔබලා එන ලිස්ට් එකෙන් අපි බබා හිටපු ලින්ක් එක තොරලා ඒකට යන එක. ඊටපස්සෙ නිල්පාට්න් පෙන්වන ලින්ක් එක කොපිකරලා ( අර ටොරන්ට් ෆයිල් එකේ ලින්ක් එක කොපිකරගත්තා වගේ ) ඩවුන්ලෝඩ් මැනේජරේට ගිහින් 




උඩ පින්තූරේ වගේ රතුපාටින් මාක්වෙලා තියෙන තියෙන ෆයිල් ලින්ක් එක උඩ රයිට් ක්ලික් කරලා ඒකේ ඩවුන්ලෝඩ් ප්‍රොපටීස් වලට යන්න. ඊටපස්සේ අර අපි කොපි කරන් ආපු ලින්ක් එක අපේ දැනට තියෙන ලින්ක් එක වෙනුවට රීප්ලේස් කරන්න. ඊලඟට ඇප්ලයි බටන් එකයි ඔකේ බටන් එකයි ඔබන්න. ඊට පස්සෙ රතුපාටින් පෙන්වන ලින්ක් එක උඩ ක්ලික්කරලා සෙලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් මැනේජරේ උඩම තියෙන බාර් එකේ තියෙන කොලපාට ප්ලේ බොත්තම ඔබන එක විතරයි :) ඔන්න ආයෙ බබාවගේ ඩවුන්ලෝඩ් වෙනවලූ :)

 අඩුපාඩු සහ ගැටළු තියෙන්න පුලුවන්. මොනවහරි අවුලක් තියෙනවනම් කමෙන්ට් එකකින්හරි මේල්ලුවකින් හරි කියන්න. මේන් ඊතල මේල්ලුව z@thejdonline.com

This entry was posted on Monday, January 24, 2011. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response.

5 Responses to “හැටට හැටේ බෑම 2”

  1. දැන් mininova එකේ ෆ්‍රී දෙන්නෙ නෑ නේද බන්?
    ගොඩක්ම බාන්නෙ මම නම් isohunt එකෙන්.. ස්තූතියි බන් දැනුවත් කිරීමට.. අනිවා ට්‍රයි කරලම බලනවා..

    ReplyDelete
  2. ස්තූතියි ජේඩියෝ. ට්‍රයි කරලම බලන්නම්කෝ....:D

    ReplyDelete
  3. ආ මචන් ඔය තියන්නේ සුපිරියටම ... එල එල දිගටම ලියපන් ...

    ReplyDelete
  4. මේක තමා බං මගෙත් ක්‍රමේ.. හැමෝවම දැනුවත් කළ එක හොඳ වැඩක්..

    ජය!

    ReplyDelete
  5. මේකනම් නියම ටූල් එක මචෝ. මමත් කීප වරක්ම පාවිච්චි කරල තියෙනවා.

    ReplyDelete