ආදරය කියන්නේ මොකක්ද ?
" ආදරය කියන්නේ ආදරට මිසක් වෙන මොකකටද ? "
විඳින විඳවන හිත් එක්ක අපි ආදරේකරනවා, පෙරලා ආයිත් ආදරේ ලබනවා.
දෙමාපියන්ට, ගුරුවරු ගුරුවරියන්ට, නැදැ හිතවතුන්ට, යහළු යෙහෙළියන්ට, කොල්ලන්ට කෙල්ලන්ට, දූ දරුවන්ට ඔය හැමකෙනාටම බදාගෙන, උඩ පැනගෙන, බිමපෙරලිගෙන අපි ආදරය කරනවා.
කොටින්ම කිව්වොත් අපි අපේ ජීවිතවලට ආදරේ කරනවා.
ඒත් කවුරුහරි ආදරය දැකලා තියෙනවද ?
ආදරේ නිසා මේ ලෝකේ පවතිනව කියලනේ හැමෝම කියන්නේ.
ඒත පොඩ්ඩක් හිතල බැලුවොත්..................................
අපි කරන්නෙ නැති එකම දේත් ආදරය විතරමයි නේද ?
කාලා වරෙන්කෝ..... ඉතින්...!
ReplyDeleteගැටයක් ගහන් නිදන්න වෙන්නේ අද...
සන්කීර්ණ ප්‍රස්ණයක් තමා ආදරය....
ReplyDeleteඋඹ බීලා නේද ඉන්නේ?
ReplyDeleteතාම හොයා ගන්න බැරිවෙලා වගේ අවුල....... :)
ReplyDeleteඅනේ මන්දා....
ReplyDeleteආදරයට Z Key එක support නැ වගේ :P
ReplyDeleteආදරය හරියට පාන් වලේ මල්ලි..
ReplyDeleteදවසින් දවස ගනන් යනවා.
කෑවට මෙලෝ රහක් නැහැ.
කිසිම පෝෂ ගුණයක් නැහැ.
කන්න කන්න නිකම් ඇඟ තර වෙනවා.
එහෙමෙයි කියල නොකි ඉන්නෙත් නැහැ.
දවසින් දවස පාන් අලුත් වෙන්න ඕනි ලු.
පරණ පාන් කෑවොත් මොකද වෙන්නෙ කියල කනුරුත් දන්නවනේ.
මම නම් කියන්නේ දැන් වත් අපි පාන් කෑම නවතන්න ඕනි.
නැද්ද මම අහන්නේ..
ඒත් මම කැමති අද උදේට පාන් පෙත්තක් හරි කන්න...
මම කොහේදෝ දැක්ක එකක් මේක
ReplyDeleteවිටෙක සිනහවකි
විටෙක කඳුළකි
විටෙක සතුටකි
විටෙක දුකකි
එක ලෙස නොපවතින එය
විසඳා ගත නොහැකි සංකීර්ණ ප්රහේලිකාවකි
ආදරය.............
"අපි කරන්නෙ නැති එකම දේත් ආදරය විතරමයි නේද ?"
ReplyDeleteහ්ම්ම්ම්ම් ඇත්ත ආදරය කියන්නේ කරන්න බැරි දෙයක්...ඒ කිව්වේ හරියට අපි චිත්‍රයක් අදිනවා කනවා බොනවා නිදාගන්නවා වගේ කරන්න පුළුහන් දෙයක්වත්, වැඩක්වත් නෙවේ....මොකද ආදරේ කියන්නේ තව කෙනෙක් ගැන වෙනත් කෙනෙක්ගේ හදවතට දැනෙන සිතුවිල්ලක් මිස කරන්න පුළුහන් දෙයක් නෙවේ.මොකද ආදරේ කියන්නේ එක්තරා හැඟීමක් විතරයි.
අපිට කෙනෙක්ට ආදරේ කරන්න බෑ.එහෙමනම් දකින දකින කෙනාට අපි කැමතිනම්...ඒ කෙනාට ආදරෙයි කියන්න පුළුහන්....ඒත් එහෙම කරන්නේ නැත්තේ ඇයි...ඒක ඇත්තටම හදවතට දැනෙන දෙයක් නිසා.ඒ දැනුනු දේ අපි කියන්නේ මං එයාට ආදරේ කරනවා කියලා.ඒක ඇත්තටම වැරදියි ඉතිං.ඒත් හැමෝම කියන්නේ එහෙම නිසා අපිත් එහෙම්ම කියමු.
මේකයි ප්‍රශ්නේ...ආදරය කියන්නේ මොකක්ද?? ඉකේයියා.........
ReplyDeleteඋඹේ හිත, හතර වටේ දුවන්නේ නැතුව... බොහෝම සාමකාමී වෙලා ගැඹුරු නිශ්චල තාවෙකට පත් වෙච්ච වෙලාවට උඹට දැනෙයි මේ ලෝකේ කොච්චර ලස්සන ද සුන්දර ද කියන එක... අන්න ඒ වෙලාවට මේ විශ්වයේ හැම දෙයක් ගැනම උඹේ හිතේ ඇතිවන සංවේදී පහන් හැඟීම සැබෑ ආදරය වෙන්න පුළුවන්...
ReplyDeleteආදරය කියන්නේ ආදරයට වෙන්න ඈති බන්
ReplyDeleteලොල්ය.. ආදරය කීනෙ ඇඹුල් අඹයක්නෙ බොල... දකින්නට කෙල හැලේ... කන්නාගෙ දත් හිරිවැටේ... ලොල්ය.. ලොලේ ලොල්ය...
ReplyDeleteඇත්තම කියපන් ජේඩී උඹට තේරුනාද මේ ලියපු එක :-D
ReplyDelete