බස් කතාබzz......


" අ " යන්නේන් පටන්ගෙන ඉංගිරිසි හෝඩියේ " z " අකුරෙන්වත් නවතින්නේනැති අපේ බz පැදීම.

බස් කියන්නේ මොකක්ද ? 

 බස් කියන්නේ ශෝෂල් නෙට්වර්ක් එහෙමත් නැත්තම් සමාජජාලයක් වගේ එකිනෙකාසමග අදහස් හුවමාරු කරගන්න පුලුවන් ගූගල් සමාගම විසින් හඳුන්වාදුන් එක කුඩා මෙවලමක්. මේකේ ආරම්භය සිද්දවෙන්නේ 2010 පෙබරවාරි 9 උදේ 11 ට ( ඇමරිකන් වෙලාවෙන් ). මේ ගැන ගූගල් කස්ටිය එනවුස්මන්ට් එක දීලා....................... පැය 56ක් යද්දි පෝස්ට් මිලියන 9ක්  වැටිලලු  :O  ඒ කියන්නේ සාමන්‍ය ගත්තොත් පැයකට 160,000 ( ඉතුරුගාන කපාහරින ලදී ) පොස්ට් එක්ක කමෙන්ට්z වැටිලා තියෙනවා ( කමෙන්ට්z ගාන ගනින්නේ කෝමද ;)

වැඩේ සෙල්ලම් නැනේ.............. :) එතකොට මේ වෙද්දි පෝස්ට් කීයක්, කමෙන්ට් කීයක්  එහෙම වැටිලා ඇතිද ? ( ගනන් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද ? ;) මේක හදන්න මූලිකම හේතුව වෙලා තියෙන්නේ වත් පොතයි ( සිංහලෙන්ම කියනවනම් ෆේස් බුකියයි )  ටුවිටර් එකයි හන්දා.  

කොච්චර දුරට බස් සාර්තකද ?

කවුරු මොනවා කිව්වත් මටනම් කියන්න තියෙන්නේ බස් කියන සංකල්පය අතිම අති සාර්තක සංකල්පයක් කියලා . ඒ මොකද කියනවනම් ලංකාවේ අපි අතර දැනට මේක පැතිරෙන වේගය බැලුවම අනික් රටවල් ගැන හිතාගන්න පුලුවන් කම. අපි පුංචි රටක් වෙලත් එකවරකට කමෙන්ට් සිය ගනන් බස් සේවය හරහා හුවමාරුවෙනවා. ඉතින් ඇමරිකාව වගේ රටක් ඒක එකට තියලා බැලුවම මොකද හිතෙන්නේ :) ඉතින් කාටද මේක අසාර්තකයි කියන්න පුලුවන්.

ඇයි ලංකාවේ අපට බස් වැදගත් ?

උත්තරේ කිව්වොත් ඒක හරිම ලේසියි........... අලුත් යාලුවො හඳුන ගන්න, අපේ අදහස් ඉක්මනින් ප්‍රකාෂ කරන්න, රටේ ලෝකෙ වෙනදේවල් තත්පරගානකින් දැනගන්න, තව එකී මෙකී නොකී බොහොමයක් උදවු අපිට මේකෙන් ගන්න පුලුවන්. ( මාරයා අයියාගෙන් වෙලාව බැලීමත් ඇතුලුව ;) . ඉස්සර බ්ලොග් පෝස්ට් එකක් ලියලා ඒක බුකියෙ දාගෙන, සින්ඩිකේටර්වල දාගෙන, ටුවිට් කරගෙන හැටපැයක් බලාගෙන ඉන්න එපැයි ප්‍රතිචාරයක් එනකන්. දැන් එහෙමද බස් එකට දැම්ම ගමන් සීනිකැටයක් බිම වැටුනම ඒකට දුවගෙන එන ඇඹලයො ටිකවගේ බ්ලොග් වටේ කට්ටිය පිරෙනවා. අදහස් දෙනවා, වැරදි නිවැරදි කරගන්නවා, වැඩ කෝටියයි. කොටින්ම කියනවනම් බස් නැත්තම් මේ බ්ලොග් සතියත් නැ ............ හෙහ් හෙහ්. 

මෙච්චර කාලෙකට අපි බස් එක්ක මොනාද කලේ ?

කරපු දේවල් එමටයි, නොකරපුදේවල් ඊටත් එමටයි. බුකියෙ හම්බෙලා කතා කොරලා බායි ගුඩ්නයිට් කියලා යන අය බස් එකට ආවම ගෙට්ටු ගෙදර් තිබ්බා, මලගෙවල්වල ගියා, ට්‍රිප්ගියා, ඕපනින්ග් සෙරමනිවලට සහබාගීඋනා, පොත්ප්‍රදර්ෂන බලන්න ගිහින් තිබුනා ( මට යන්න හම්බුනේ නැ :) , තව ඉස්සරහට එන එකක් විදියට සයිබර් සැනකෙළිය නොහොත් අපේ බක්මහ උලෙළ පැවැත්වුවා කියලා පස්සෙ කාලෙක මෙතන දාන්න පුලුවන් :D . ඔන්න ඔය දේවල් අස්සෙ ඉතාකෙටිකාලෙකින් අපේසෙට් ෆිට් එකක් ගොඩ නැගුනා. සහොදර සදොදරියො තරමට අපි ලංවුනා. මොන වෙඩිම කොරන්න ගියත් සෙට් එකේ එකෙක්ගෙන් අහලා කරන තරමට ෆිට් වුනා. ඉතින් ඔය දේවල් කොයින්ද බස් නැත්තම්. ඒ අස්සෙ ගහමරාගැනීම් තිබුනෙ නැත්තෙමත් නැ ( හැබැයි තුන්හිතකින්වත් ඇත්තට නෙමේ :) මාවම විතරක් කීපාරක් මැරුවද බස් එකේ උන් . හික් හික් හික් :)  මේ ඔක්කොම උනේ මාස 4ක් ඇතුලත ( 2010.09.22 - 2011.01.22 වෙද්දි )

සදානොමැකෙන මතක විදියට මේවා අපේ ජීවිතවල හැමදාටම තියෙයි. ඉතින් එහෙව් මතක අපිට හම්බුනේ මේ බස් එක හින්දා.......................................
බස් එකට මාව ගෙනාවේ කවුරුත් දන්න අෆේ හාවී
හාවී මාව බස් එකට ගේනකොට මේ සිංහලෙන් බස් කෙරුවාවට පණදීලා තිබ්බේ අෆේ වැෆ්නි සාන්ත මාමා ( මාමා කිවට සීයා වගේ තමා  :)

ඉතින් මේක කියවන බස්  පදින්නෙනැති කවුරුහරි ඉන්නවනම්...................................... ඉතින් දැන්වත් බස් එකට නැගපිය බලන් ඉන්නේ නැතුව :)

මෙතනින් ගොඩවෙන්න : http://www.google.com/buzz

This entry was posted on Tuesday, January 25, 2011. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response.

10 Responses to “බස් කතාබzz......”

  1. අඩෝ උඹ අපිට ඇඹලයෝ කිව්ව නේ හරි බලගමු බස් එකේදි :-D

    ReplyDelete
  2. මම බස් එකට හරියට ඇවිල්ල මාසයක් වත් නෑ.. ඒත් බ්ලොග් එක ටිකක් හරි කට්ටිය දන්න නිසා බස් එක අමුත්තක් උනේ නෑ..
    ඇත්ත ජේඩී ගොඩක් කට්ටිය යාලුවෝ අඳුරගන්න ලැබුනා.. මේ පෝස්ට් එක දැම්මට ගොඩක් සතුටුයි මචන්.. :-D

    ReplyDelete
  3. කවුද බොල ඇඹලයා......... :D

    ReplyDelete
  4. ඇත්ත කියපන් උඹට ගූගල් එකෙන් කීයක් ගෙව්වාද මේ පෝස්ට් එකට :DDDDd

    ReplyDelete
  5. තුහ් නොදකින් මේ නොසන්ඩාලයා මට කියලා තියන කතා ව :D

    ReplyDelete
  6. අර උඩින්ම තියන රූපේ මතකද කාට හරි??? යාන්තම් කටුසටහනක් වගේ ඇන්ද බවක් මතකද??????

    මාවත් එහෙනම් මතක් උනා බස් වලට අඬගහන් ලියා මදිවට තව නෝන්ඩියකුත් කෑවේ දෙන්නා එක්කම.........

    දැන්නම් බස් අය ගොඩක්ම අඳුරනවා.... :D

    ReplyDelete
  7. හහ් හහ් හහ් එල එල ! අපිත් ඉදලා හිටලා බස් එළවනවා තමා

    ReplyDelete
  8. බස් එකේ අපිට ඇඹලයා කී බොට හෙනම ගහපිය :P

    ReplyDelete
  9. හික් හික්.. දැන්වත් පාප මිත්‍රසේවනය අයින් කරපං.. ඔය හාවි උඹව ඔන්ලයින් කුඩු ගැහීමට ඇබ්බැහි කොරලා.. දැන්වත් ඔය පාප මිත්‍ර සේවනය අතහැරපං...:-D

    ReplyDelete
  10. ඕන් අපිත් ගොඩවුණා

    ReplyDelete