ජේ.ඩී the දුකා....


අද ලියන්න යන්නේ ටිකක් වෙනස් විදියේ..... ඒත් සුපුරුදු මඤ්ඤං ජාතියේ පෝස්ට් එකක්ම තමාzzzzz :D

මේක ලියන්න හිතුනෙ පෙරේදා රැ නිදාගන්නකොට හිතිච්ච දෙයක් හන්දා. ඉතින් හැමදාම වගේ නිදාගන්න කලින් එක එක විකාර හිත හිතා ඉන්නකොට, එකපාරටම මතක් උනා මූණු පොතේ ( සිංහලෙන්ම කිව්වොත් එෆ්.බී එකේ ) කාලයක් මාත් දුක් ගන්නා රාළ කෙනෙක් වෙලා හිටිය නේද කියලා :D . ඒ කාලෙනම් ඇත්තටම පික්සුම පික්සු සිරාම කාලයක්. සමහර දේවල් මත වෙනකොට අදටත් හිනා යනවා ඒත් සමහර දේවල් මතක් වෙනකොට දුකත් හිතෙනවා.  ඉතින් ඒ දවස්වල ඔය ජේ.ඩී ද දුකාzzz  කියන කාඩ් එක වැටෙන්න හේතුවක් තිබ්බා. ඒ තමයි ඉතින් හැමෝම දන්නවා වගේ දුක්ගන්නා රාළගේ වැඩේට ජේ.ඩී යා අතගහලා තිබුන එක :D

ඉතින් ඒ දවස්වල ඔය දුක්ගන්නා රාළගේ වැඩේ කොර කොර හිටපුඑක තමා මගේ එකම විනෝදාංෂය උනේ. වැඩකට කියලා කරන්න වෙන කිසිම දෙයක් තිබ්බෙත් නැ ( අපොස උ.පෙළ ඉවර වුන ගමන් වගේ ). මොකෙක්හරි සෝක මූඩ් ගහන් ඉන්නවා දැක්ක ගමන් ගිහින් ඒ මනුස්පයාව කතාවට අල්ලන් ඒකගෙ දුක් ගැනවිල්ල අහන් ඉන්න එකතමා වැඩේ. උඩින් බැලුවට මේක ලේසී වගේ ඒත් ඇත්තටම එහෙම නැ අහන ප්‍රෂ්ණවලට උත්තර දෙන්නත් එෆැයි අෆ්ෆා. ඉතින් ගොඩක් වෙලාවට කියන්නේ හම් හුම් තමා. වැඩිය දේවල් කියන්ත් බැහැනේ මහ ගොන් උත්තරයක් දුන්නොත් අනිවා ඒකේ රිටර්න් එක කැරකිලා මටම එනවා කියන එක ගොනාට වගේ තේරිලා තිබ්බේ :D ( කොහොමත් උපදෙස්නම් දෙන්න ගියෙ නැතිතරම් :)

හරි ඉතින් ඒකත් එහමයි කියමුකෝ...... දැන් ඉතින් කොල්ලො කෙල්ලො වැල නොකැඩී එක එකාගේ දුක කියනවලූ. මාත් අහන් ඉන්නවලු. උන් කියනවා මම අහනවා, මම කියනවා........ උන් අහන්නේ ඉන්නේනැ. :D  කොහෙද ඉතින් උන්ට ඔව්වා අහන්න සිහියක්. ගොඩක්ම ලව් කේස් දුක්ගැනවිලි හන්දා ලවේන් පික්සු වැටිලා ඒක ගැනම තමා ඒවෙලාවෙත් කම්පනා කොරල තියෙන්නේ :D  සමහර උන්ගෙ ගෙවල් වලින් ප්‍රෂ්ණලු, තව සමහරුන්ව දාලා ගියාලු, තවත් සමහරු 50% ලව් ලු. ඔන්න ඔහොම තමා සුපුරුදු ලිස්ට් එක. හැබැයි ඉතින් ගොඩක් එවුන් ඉක්මනට හිත හදාගත්තා. ඒත් තාමත් ලවක් නැ කිය කිය අඬන පොඩි එවුන් දෙන්නෙක් උන්ගෙ දුක ගැන කියනවා :D

ඔන්න ඔහොමලු ඉතින් ඒ දවස්වල ජේ.ඩී ට දුකා කාඩ් එක වැටුනේ :) ඉතින් කාලෙකට පස්සෙමේ ලඟදි ආයෙමත් ෆේස් බුකියට ඇබ්බැහිඋනා. ඉස්සරවගේම දුක් ගැනවිලි දෙක තුනකුත් අහන්න හම්බුනා.  ඉතින් ඒක නිසා සුපුරුදු රස්සාවට ටිකකාලෙකට හරි බැහැලා මනුස්සයෙක්ගෙ දුකක් අහලා ඒ හිතට පොඩිහරි සැනසීමක් දෙන්න පුලුවන්නම් ඒක කොච්චර දෙයක්ද කියන අයිඩියාz කැල්ල ආවේ අර නිදාගන්න වෙලාවෙ හිතුන පික්සු විකාර අස්සේ :D ඒ අස්සෙම මට මෙහෙමත් හිතුනලූ.............

මිනිස්සු ගොඩක් වෙලාවට තමන්ගෙ හිතේ තියෙන දුක හිරකරගෙන විඳින වේදනාව කොච්චරද කියලා ඒ මිනිස්සුන්ගෙ කතාවලට ඇහුම් කන් දුන්නොත් හොඳට දැනගන්න පුලුවන්. සමහරු කියන්න ලැජ්ජයි, තවත් සමහරු හරි බයෙන් ඉන්නවා, තවත් කට්ටියක් හරිම ආසාවෙන් ඉන්නවා හිත සැහැල්ලු කරගන්න. ඒත් ඒ අයට ඇහුම්කන් දෙන්න කවුරුත් නැතිහන්දා හිත ඇතුලෙන් විඳව විඳව ඉන්නවා.

ඔන්න ඔය වගේ දේවල් ගොඩාක් හිතුනා, එහෙම හිතාගෙන යද්දී. ඉතින් මම පොඩි ආරාධනයක් කරන්න කැමතී මේ පෝස්ට් එක කියවන අයට, උඩ කියල තියෙනව වගේ හිතින් දුක් විඳින කාගෙහරි හිතක් පොඩ්ඩක්හරි සුවපත් කරන්න  උදවු වෙන්න කියලා. ඒක ලොකු පිනක් වේවී. තමන්ට ඒකෙන් සතපහක්වත් හම්බුනේ නැතිඋනාට ඒකෙන් ලැබෙන ආත්ම තෘප්තිය ගැන වචන වලින් නිමකරලා කියන්න බැරිබව මම හොඳට දන්නවා. කෙනෙක් සතුටින් ඉන්නවා බලලා සතුටුවෙනඑක තරම් දෙයක් ලොවේ කොහෙවත් නැ කියල තමා මටනම් හිතෙන්නේ. ඉතින් ඔයාලත් පොඩි උත්සහයක් අරන් බලන්න. එහෙනම් මම යනවාzzz හැමෝටම ජයවේවාzzzzzzzz :D

අහ් අමතක උනානේzzzzzzzzzzz.  ඔයාලත් යන්නකලින් මේකත් පොඩ්ඩක් අහලම යන්න. හිතට වදින ලස්සන සිංදුවක් :)


This entry was posted on Thursday, October 20, 2011. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response.

11 Responses to “ජේ.ඩී the දුකා....”

  1. කතාව හොඳයි... සිංදුව හොඳාඳාඳාඳාඳයි....

    ReplyDelete
  2. මම නම් මචං ඔය දුක කියන එක හිතේ තියාගෙන ඉන්න එකෙක් නෙමෙයි. දුකක් නම් දුක් උනා අමතක කළා! ඉතිං මගේ දුක් ගැනිවිල් කාටවත් කියන්න හේතුවක් නෑ. හැබැයි මමත් උඹ වගේම හොඳ සවන් දෙන්නෙක්! කවුරුහරු දුකක් කියනකොට ඒකට ඇහුම් කන් දෙන එක තමයි මාත් කරන්නේ. හැබැයි කවුරු හරි ඇවිත් මට කිව්වොත් තමයි :)
    ඉඳින්කෝ මට දුකක් ආවොත් මම උඹට කියන්නම් :D
    මම ආසම සින්දුවක්!

    ReplyDelete
  3. ඔකේ පැති දෙකක් තියෙනවා ජේඩී මලේ... දුක අහන් ඉන්න ගිහින් කන්න වෙන පරිප්පු අම්බානයි... විශේෂයෙන් ඔය බුට් පල හිලවු එහෙම අහන් ඉන්න ගියාම..මොකද හුඟක් වෙලාවට කොල්ලෙකුට දුක කියන්නේ කෙල්ලෝ.. ඒ වගේම තමා කොල්ලෝ වැඩි පුර දුක කියන්නේ කෙල්ලෙකුට... ඒත් අන්තිමට ඕවා අහං ඉන්න ගියාම සමහර විට වෙන වෙන පටලැවිලි වෙලයි නවතින්නේ... අපේ සමහරු බොහෝම ඉක්මනට වැරදි වැටහීම් ඇති කරගන්නවා... අන්තිමට දුක අහං ඉන්න ගිහින් තමන්ට වෙන දුක කියන්න වෙන උන්ව හොයා ගන්නත් වෙන්න පුළුවන්.. ඒ එකක්..

    අනිත් පැත්ත තමයි අපි දුක කියන කෙනා ඇත්තටම විශ්වාසවන්තද කියන එක... මොකද අපි අසරණ වෙලා දුකින් ඉන්න වෙලාවට හැමදේම එළියට දානවා බොහෝම පහසුවෙන්..ඒත් ඒ දේවල්ම තවත් දවසක තමන්ට විරුද්ධව පාවිච්චි වෙන්නත් පුළුවන්... ඒකේ තියෙන භයානක කම ගැන මම අමුතුවෙන් කියන්න ඕන නැහැ නේද..?

    ඔන්න ඔය කාරණා දෙක උඩ දුක කිවීමත්..දුක ඇසීමත් යනු අති භයංකර වැඩ දෙකකි. ඒත් අදටත් මං ඔයා රස්සාව දිගින් දිගටම කරනවා... විශේෂයෙන්ම මගේ කේන්දර වැඩත් එක්ක අනිත් අයට වඩා ඒකට මගේ පටලැවීම වැඩියි. හරියට කරනවනං මේක අන්තිම හොඳ වැඩක්..එක පැත්තකින් සමාජ සේවයක්..අනිත් අතින් පිං අ‍තේ වැඩක්...ඒත් දැළි පිහියෙන් කිරි කෑම ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන..නැත්තං හුටස් තමා...

    හොඳ ලිපියක් මලේ...

    ReplyDelete
  4. මේ හදිස්සියේ දුක කියන්න බැහැ මල්ලියේ.. නාලා කාලා ප්ලේන්ටි එකක් හේම බීල එන්නම්... මගේ දුකත් අහන්න ඔයාගේ හිතේ් ඉඩක් තියා ගන්න...:)

    සින්දුවම ලස්ස්ස්ස්ස්ස්ස්ස්නයි

    ReplyDelete
  5. දුක කියන්න හොද විශවාසවන්ත කෙනෙක් තෝරගන්න වෙනව නැත්තම් නැති ප්‍රශ්ණ ඇති වෙන්නත් පුලුවන්.

    ReplyDelete
  6. අපේ දුක් අහන්න මොකෙක්වත් හිටියේ නෑනේ හැබෑටම... අපිම දුකයි, දුකට හේතුවයි, දුක නැතිකිරීමයි බොහෝම අමාරුවෙන් හොයාගෙන යාන්තම් දැන් මනුස්සයෙක් වගේ ඉන්නවා... හික් හික්... දුකට හේතුව ගැන ආරංචියක්වත් නෑ දැන්.. ඔය ඕනේ දුකක් හෙමිහිට විසඳිලා යනවා... කොහොම උනත් කරන වැඩේ නම් හෙන වටිනවා.. හැබැයි අනුන්ගේ දුක් නිවන්න ගිහින් අහක යන දුක් අවුල ගන්න එපා... අත්දැකීමෙන් කියන්නේ...

    ReplyDelete
  7. හොඳම වැඩේ උඹ ඔය දැං කරන රස්සාවෙං අයිං වෙලා සුමිත්‍රයෝ එකට බැඳියං . . . . .දවසකට ඔය වගේ සහ ඔයිටත් එහා ගිය දුක් ගැනවිලි තිහ හතලිහක් අහං ඉන්න පුලුවං

    ReplyDelete
  8. නදීක ජේගේ සින්දු වලින් හොඳම එකක්. කාලයක් පට්ට ගැහුවා. තැංකිව් මචං ආයෙ මතක් කලාට!

    ReplyDelete
  9. උඹේ පොස්ට් එක මාත් කරනවා බං..
    ඒත්..මගේ දුක කියන්න එකෙක් නැතිව උන්නෙ.. දැන් හරි :D

    ReplyDelete
  10. දුකට ඇහුම් කම් දෙන්න හොද නෑ
    මමත් ඒ මෝඩ වැඩේ කරලා හිතින් දුක් විදිනවා

    මිනිස්සු කියන්නේ කුජීතම ජාතියක්

    ReplyDelete
  11. සිරා සින්දුව!!!!!!..........

    ReplyDelete