ආදර හසුන 2 - ඔයාට පික්ෂුද


ඊයෙ මන් හිතුවා වගේම ප්‍රතිචාර සැට් එක ඒවිදියටම වැටිලා තිබ්බා හික් හික් හික්zzzzzzzzzzzzzzz. හරි ඔන්න එහෙනම් ඊයෙ කිව්වා වගේ අද ඉතුරු කැල්ල ;)

 දැන් කොල්ලොසැට් එකම ලියුම් කැල්ල, අහ් නැ නැ ලියුම් කැල්ල නෙමේ ලියුම් රාජයා දිගාරිනවලු . සෙට් එකම කිව්වට දැන් බුවා තමා ඕක දිග අරින්නේ හරිද. ඔන්න දැන් අකුර දෙක පේන්න පටන්ගන්නකොට ඕන මගුලක් තිබෙද්දෙන් කියලා දිගැරියලු. හම්මේ........ අකුරු සැට් එක ෆට්ටම ලක්සනයි අෆ්ෆා............ :D .හා හා අකුරු වැඩක් නැ අකුරු කන්නද කියලා අනික් එවුන් කැ ගහනවා කියවපිය කියලා. ඔන්න දැන් උගුර පාදලා එහෙම කොල්ල කියවනවලු.

දඟකාර සමනලයා වෙත,  

                                     ඔයා පරක්කු වැඩීයි....... දැන් මේ මලට සමණලයෙක් වහලා ඉවරයි. මීට අවුරුදු 3කට කලින් මේක ලැබුනානම් සලකලා බලන්න තිබුණා.  ඔයා මේක එක්ක ඇඳලා එවපු ච්ත්‍රේ මම තියගන්නවා ඔයව මතක්වෙන්න. ඒකට මම වෂීවුනා. කමක් නැ නේද ඒක මම තියගත්තට. හොඳට එxඇම් කරගන්න මේ දේවල් හිත හිත ඉන්න එපා.
                                                                                                                                     මීට සමණලී,
            ( මගේ නම සමණලී නෙමෙයි මට ලස්සන නමක් තියෙනවා. )


ඔන්න ඔහොමලු තිබ්බේ. හැබැයි ඔයිට වඩා දිගට තිබ්බා කවියකුත් තිබ්බද කොහිද. දැන් නම් මතක නැ අෆ්ෆා :)


දැන් ඔය ච්ත්‍රෙ කියන්නෙ පොර කලින් ලෙටර්z රාජයත් එක්ක දුන්න කොල්ල ඇඳපු ආට්z කැල්ලක්නේ :) ( කොහෙන්හරි වැඩේ ගොඩ දාගන්න බැලුවෙ.... ). හික්x දැන් මක්කැයි කොලන්නේ ඔක්කොම වැඩේ ජොන්බාස්ට ගිහින්නේ. දැන් වටේපිටේ ඉන්න එවුන් කියනවලු මෙන්න මෙහෙම. අතැරලා දාමු බං වෙනඋන් නැතුවටැ, අපි වෙන එකකට ට්‍රයිකොරමු බං. ටිකක් හැන්දැවීගෙන හින්දා එකා දෙන්නා ගෙවල්වලට කැපෙන්න පටන් ගත්තලු. හැබැයි තාම අර ගැණුළමයාzනම් එතන ( බුවා එනකන් නෙමේ බස් එක එනකන් :D )

සුට්ටක් වෙලා යද්දි බුවාගෙ එක යාලුවෙක්වත් නැ. ඔක්කොම එවුන් බායි පාරවල දාගෙන ගෙවල් වලට මංගච්චානාවෙලා. දැන් මූයි කැල්ල විතරලු බස් හෝල්ට් එකේ. කිසි කතාවක් බහක් නැ කලින් වගේම තමාලු. එදත් බස් එක ආවා ඩබලම නැගලා කෙලින්ම ගෙවල් බලා. ඔන්න දැන් ඉතින් ආයෙත් දවස් යනවා. කොල්ල ෆුල් මූඩෙන් කම්ප්නා කොරනවා. මේ අතරෙදි එනවා කොල්ලට මරු අයිඩියාz එකක් අයිමත්. ඒක තමා තව සුට්ටන් ලෙටර්z රාජයෙක් ලියලා ගෙහුන් දන්ට. කම්පොනා කොරලා කොරලා ඒකත් කිව්වලු සෙට් එකට. උන් සැට් එක කැ ගහනවලු " තොට පික්සුද යකෝ.......... මෙන්න මෙහෙට වෙලා හිටපිය " ඔයවගේ බැණුම් අනන්තයි අප්‍රමාණයි ඊටත් ටිකකට වඩාද මන්දා.

කොහොමෙන් කොහොමෙන් හරි මුගෙ වදේ නිසාම සැට් එක කිව්වලු බොට ඕන දෙයක් කොරගනින් කියලා. අයෙ ඉතින් කොල්ල බල බල ඉන්න ඒකක්යැ මෙන මූ ෆට්ටාන් ගත්තලු තව ලෙටර්z රාජයෙක්  ලියන්න. මේක මූ ලියන්නේ සැට් වෙලා පාඩම් කොරන දවසක. මූ ලියනවලු, ඒක හරිනැ කියලා විසි කරනවලු. කටුවට ලියනවලු, ආයෙ හොඳට ලියනවලු මහ විකාර ගොඩයිලු. එදා ඉති උගෙ පාඩම් කිරිල්ල ලව් ලෙටස‍්රz ගැනලු හික් හික් හික් ( මතක් වෙද්දිත් හිනහයි අෆ්ෆා :) . අනික් උන් උන්ගෙ පාඩුවෙ පාඩමක් කොරන ගමන් මුගෙ ලෙටර්z එකටත් ඇවිත් හොට දාලා ඕක ඔහොම නෙමෙයි බං මෙහෙම ලියපන් කියලත් කියනවලු.

එච්චර ලොකු උනන්දුවක් අනික් උන් පෙන්නුවෙ නැත්ත බලන් යනකොට උන් කොරල තියෙන්නෙත් වක්‍රව ලියුම් රාජයට අදහස් සපයන එකලු ( හනේ මෙව්වා කාට කියන්නද :) පැයගානක් මහන්සිවෙලා කොහොමෙන් කොහොමෙන් හරි පේලි 10 කට සුට්ටක් වැඩි ලෙටර්z රාජයෙක් ලියාගත්තා කියමුකෝ. ඒක මොනවගේද කිව්වොත් හරියට ෂෝට් නෝට් එකක් වගේ භාණ්ඩයක්. සාරගර්බ කරුණු ඔක්කොමටික කියවනකොට මතක් වෙන්න ලියපු එකක් වගේ ( ඒවගේ ලෙටර්z ගැන අහලා තියෙනවද මන්දා :)


වැඩකැලි දාලා එහෙම හදලා ගන්නකොට පන්දරත් වෙලාලු. ( පාන්දර ජාමේ:) කස්ටියත් දොයිය බබා වෙලා. පහුවෙනිදා උදෙන්ම නැගිටලා කස්ටිය ඉක්කොලෙ යන්න ලැතිවෙනවලු. හැබැයි පොර එදා ඉක්කොලේ යන්න බැ කියලා කිව්වලු ( ඇයි යකෝ ඊට වඩා ලොකු වැඩක් තියෙනවනේ :) කොහොම හරි සැට් එකම දැන් හොල්ට් එකටවෙලා බලන් ඉන්නවලු. ඉන්නවලු ඉන්නවලු කෙල්ල නැ. දැන් ඉතින් ඉස්කොලෙ පටන්ගන්න වෙලාවත් ලංවීගෙන එනවා ඒත් මේ කෙල්ල තාම නැ. කස්ටියම කියනවලු අද එන එකක් නැ බං පි පස්සෙ වෙලාවක දෙමු අපි යන්න එහෙනම් කියලා ඉවර කරන්න හම්බුනේ නැ ලු කෙල්ල එනවලු.

එතකොටම කස්ටියගෙම ඉස්කොල වලට යන්න පුලුවන් බස් එකකුත් ආවා. සටපට ගාලා බස් එකට නැග්ගලු කස්ටිය. ඔන්න ඔහොම නැගලා යනකොට කොන්දා සල්ලි ගන්න කිය කියා කැ ගහ ගහ එනවලු ලඟට. බුවත් ඉතින් පැනපු ගමන් කවදාවත් නැතුව කෙල්ලටත් එක්ක ටිකට් දෙකක් ගත්තලු ( හැ..... ඒ කලින් කොල්ලමදැ :) 

සෙට් එක බහින තැන ආවම කොලුවට බායි පාරක් දාන ගමන් විෂ්කොරලා උන්ටික බැහලා ගියා. දැන් කෙල්ලයි කොලුවයි විතරයි. ඒත් ඉතින් පෙරපරිදිම තමා. හැබැයි ඉතින් මූ ටයි කොලනවලු අර ලියාගෙන ආපු ලෙටර්z රාජයා මේකට දෙන්න. කොහෙද මුගෙ ලැජ්ජවනේ......... ඒ අස්සෙ බයත් වෙලා ( කන්න උනොත් කන හරහා :) බස් එකත් හොල්ට් එක එක පහුකොරලා කෙල්ල බහින තැනටත් ලංවුනා. ඒත් අරූ තාම ඒක දීලා නැ. හත්වලාමයි දැන් මක්කැයි කොරන්නේ. හරි බහිමු කියලා කෙල්ල බහින හොල්ට් එකෙන්ම බැස්සලු. පාරෙත් මොකෙක්වත් නැ ( ඉස්කොලෙ පනටන්ගන්න ඔන්න මෙන්නනේ :) . 

මේක හරියන්නෙ නැ කියල හිතපු බුවා ගත්තලු පුරුස දරියද මොකක්ද කියන එක ඇඟට. දැන් කෙල්ලගෙ පස්සෙන යනගමන් මේ ෂ් ෂ්.............. ඇස්කුසේ මුවා......... මේක ගන්නකො.............. හනේ ඔච්චරයිලු කියන්න හම්බුනේ................ :D කෙල්ල පිටිපස්ස හැරිලා බැලුවලු............ හැරිලා බලල ආයෙ කිවවලු වචන සැට් එකක්  කොල්ලගෙ මූණත් එක්කම මොකක්ද මොකක්ද වෙලා යන්නම. " මේ ඔයාට පිස්සුද ? " ( තාමත් නිකන් ඇහෙනවා ඇහෙනවා වගේ :) . මූට වැඩේ එතනින් එෆා උනාලු. මොන බම්බුවක්ද මක්කටැයි ආයෙ වැඳ වැඳ පස්සෙන් යන්නේ කියලා හැරෙන තැපැලෙන් බුවා ගෙදර :D

 දෙවනි ලෙටර්z රාජයාට ඇටැච් කර දෙන්න ඇන්ඳ චිත්‍රෙ ;)

ප.ලි : 

ඊට පස්සෙ දෙතුන් වතාවකට වඩා බස් එකේදි උන්දෙන්නා දැක්කෙවත් නැලු. ඉස්කෝලෙදිවත් මුකුත් ඔය ගැන කතාවුනෙත් නැලු. හැබැයි කාලයක් යනකම් කොල්ලා ගාව ඒ ලෙටර්z රාජයා මිනිහගෙ මතක කලෙක්ෂන් එකේ අරන් තියෙගෙන තිබුනලු. පස්සෙ දවසක මතක කලෙක්ෂන් එක අවුස්සදි අහුවෙලා  ආයෙ කියවලා බලල පොරගෙ ග්‍රර්ල්ෆ්‍රෙන්ඩ්z ට ඒක පෙන්නලා එතන වෙනම විකාරයක් උනාලු :) ( ඒ කතාවනන් ලියන්න වෙන එකක් නැ ) . අවසානෙදි ඒක ඉරලා විසික් කරලා යන්තම් ෂේප් වෙලා කාලෙකට පස්සේ අර සම්බන්දෙත් අඤ්ඤකොරොස් වෙලා ගිහින් දැන් පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නවලු  :D 

සැලකිය යුතුයි : ජේ.ඩී යා කතාලිවීමට දස්ස නැති බුවෙකි  :D

This entry was posted on Friday, January 28, 2011. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response.

6 Responses to “ආදර හසුන 2 - ඔයාට පික්ෂුද”

  1. හෆොයි ඔයින් ගියා මදැයි.......... :D :D

    ReplyDelete
  2. ෂැක්......... සිත්රේ නම් මැක්සා... ළවෙනි එකත් මරු ඈති නේ... :D

    ReplyDelete
  3. දැන් මට කියපං.. ජේඩියාද කෙල්ලට ට්‍රයි කලේ ජෙඩියාගේ යාලුවෙක්ද ? O_o

    ReplyDelete
  4. කවුරු වුනත් ලස්සනට චිත්තර අදින ‍‍කොල්‍ලෙක්....කතාත් ලියන්න බැරිම නැහැ‍නේ...

    ReplyDelete
  5. හික්ස් හික්ස්.. හනේ මන්දා ජේඩියෝ.. :D ඔය වගේ සීන් නම් අනන්තවත් වෙන්නේ... පව් බං අපි....

    ReplyDelete
  6. හික් හික්.....අලේ අලේ මලු ජේ.ඩී. කාලයා තමා මේකා...

    ReplyDelete