ආදර හසුන


දනම් ලියන්න යන්නේ මටවුන සුට්ටන් සීන්z කෝන්z එකක්. මේක මේ මම සුට්ටන් කාලේ ( දැන්කියලත් මම ලොකු එකෙක්යැ ) ඒකියන්නේ උ.පෙ කරන්න ඔන්න මෙන්නවගේ තියෙද්දි....... වෙච්ච සිද්දියක්.

ඕන්න ඔයකාලෙ වෙද්දි හැම එකාටම එනවා වගේ සුට්ටන් ෆීලින්ග්z කැල්ලක් එක්ක අයිඩියාz එකක් ඇවිත් තිබුණා සුට්ටන් කැල්ලක් ඒ කිව්වේ කෙල්ලෙක් සෙටාර් කොලගන්ට.  ඉතින් දැන් බුවා ( ඒකියන්නේ මම මේ මම ) දස අතේ කම්පනා කොරනවලු කොහොමද මේ වැඩේ කොරගන්නේ කියලා. ඉස්කෝලේ යනගමන් හිතනවා, ආපහු ගෙදරයනගමන් හිතනවා, පංතියනගමන් හිතනවා කොටින්ම කිව්වොත් හිතනවාම විතරයි. ඔන්න ඔහොම හිත හිතා යද්දි දවසක් දකිනවලු සුට්ටන් කෙලි පැටික්කියක්ව ( නැ නැ අතදරුවෙක් නෙමෙයි ) . දෙවියො දෙනකොට ටොකු ඇන ඇන දෙනවා කියනවා වගේ මේ කෙල්ල ඉස්කෝලෙ යන්නෙත් ඉස්කෝලෙඇරිලා එන්නෙත් බුවාලගේ ගෙවල්පැත්තට බස්දුවන රූටින්ග් එකේමලු. 

හනේ අම්මේ දැන් කොලුවගේ මූණේ හඳ පායලා නීල් ආම් ඉස්ටෝන් හඳමත පාතිබ්බ වගේ සතුටක්ලු තියෙන්නේ............. 

ඔන්න දැන් කෙල්ලව දැක්කයි කියමුකෝ..... කෝ කොහෙද තාම මූ කෙල්ලගෙන් ඇහුවෙ නැ නේ........... කොලුවට ඉතින් ඔයවැඩ ඔයකාලේ කෝමත් හුරුනැ නොවැ. දැන් ඉතින් කොලුවගේ වැඩේම නිතර නිතර  ෆුල්ගේම දීලා කැලිසෙට්කොරගත්ත කොල්ලන්ගෙන් අහනඑකමලු, කෝමද මචං වැඩේ අනාගන්නේ නැතුවගේම ගේම හරි කාමරය හරි දෙන්නේ කියලා. එක එකා මල් පිපිලා එතනම පරවෙලායනවා වගේ ෆට්ට අදහස් දෙනවලු. 

එකෙක් කියනවා " අයියෝ ඕක මොකක්දබං කෙලින්ම ගිහින් අහපන්කෝ " (හරියට ඌ කෙල්ලෙක්ගෙන් අහල තියෙනවා වගේ ) ඌනම් කියයි ඒත් කොලුවගෙ ඔය පුරුස දයිරියද මොකක්ද කියන එක කෙල්ල ඉස්සරහ නෝට් එකටම බහිනවනේ. දැන් ඉතින් මොකද කොරන්නේ....... ඔන්න එතකොටම තව එකෙක් මරු අයිඩියාz එකක් දෙනවා " යකෝ අහන්න බැරිනම් ගිහින් ලියුමක් හරි දීපිය " අන්න ඒකනම් මැක්x අයිඩියාz එක. මලපපුවෙ කොල්ලා පදිනවා බයිසිකලේ කිව්වලු. දැන් කොල්ලට ෆුල් සැටිස්ලු අයිඩියාz එකට:) 

දැන් ඉතින් කාලය හෙමින් හෙමින් ගෙවිලා යන්වලු. බසුත් එනවා කෙල්ලත් එනවා කොල්ලත් නගිනවා ඉස්කෝලෙත් යනවා, අයෙ ඉස්කොලේ ඇරෙනවා ඊට පස්සෙ බස් එක එනවා අර පරන සිද්දියම බ්ලා බ්ලා බ්ලා.................. තිබ්බ එකම ප්‍රොග්‍රස් එක කෙල්ල ලඟින් වාඩිවෙලා යන එක විතරයි. කෙල්ලත් ඉස්සරහා බලාගෙන මූත් ඉස්සරහා බලාගෙන. ම්හ්ම් නෝකතා... නෝසිනා .... 

ඔන්න දැන් ඉතින් උ.පෙ ත් ලංවීගෙන එනවලු. ඒකාලේ ඉතින් බුවාටත් හිටියනෙ සෙට් එකක් ( ආයෙ කියන්න දෙයක් නැ උපරිමයෙන් සුපිරි :) දැන් සෙට් එකම එකතුවෙලා පාඩම් කොරන කාලෙටත් ආවලු. ඔය අතරේ අර කලින් කියපු බස් සීන්z එක එහෙමම රිපීට් වෙවී යන්වා. දැන් මේක බුවාටත් වාතවීගෙන එන තත්වෙටම පත්වේගන එනවාලු. බුවාට විතරක්නම් මදැ මිනිහගෙ සෙට් එකටනම් මේක ෆුල්ම ඇණේ වෙනතත්වෙත් පන්නලා :) මොනවා කරන්නද ඉතින් යාළුවනේ කියලා උනුත්කටපියන් ඉන්නවලු.

කොල්ලත් කම්පනා කලාලු මෙහෙම ගිහින් හරියන්නේ නැ මේක මොන ජිල්මාට් එක දාලා හරි ඉවරයක් කරගන්න ඔනෙ කියලා. බුවා ඉතින් බුවාගේ මාස්ටර් මයින්ඩ් එක යූස් කොරලා ගැහුවලු මහ ප්ලැන් රාජයෙක්. ඊට පස්සෙ කොල්ල්ලොසෙට්එක පාඩම් කොරන්න සෙට්වෙච්ච වෙලාවක උන්ටත් ප්ලැන කියලා වැරදි අඩුපාඩු හදලා ප්ලැන රීමිx කරල ගත්තලු ;)

 හරි දැන් ප්ලැනත් ලැස්ති......... ප්ලැන කිරියාත්මක කරන දවසත් ආවලු. මේන් මේ ප්ලැනතමා කෙල්ලට කොලුවා අතින්ම ලියපු මහා ලියුම් රාජයානන් වහන්සේ කෙල්ලගේ සියුමැලි අතමතට සුරැකිව බාරදීම. හරි ඔන්න වෙනදවගේම බස් එක ආවලු. කොලුවා නගිනකොට මේන් කෙල්ල සීට් එකක වාඩිවෙලා. මලකෙලියයි ජූලි 7ක්.................... නැලු කෙල්ලගාවින් මොකෙක්වත් ඉඳගෙන නැ වාසනාවට වගේ. හරී පොරත් ඉතින් ඔතනින් ඉඳගත්තලු, බස් එකත් යනවලු මිනිස්සු නගිනවලු හනේ මොන ප්ලැනක්වත් කිරියාත්මක වෙනපාටක් පේන්නේ නැලූ. 

ඔන්න කොල්ලා බහින තැනත් ආවලු ( ඉස්කෝලේ ගාව ). දඩබඩ ගාලා බස් එකෙන් බැස්ස කොලුවා දුවලා ගෙහුන් කෙල්ල හිටිය පැත්තේ ජනේලෙන් ලියුම් රාජයා කෙලීගේ හස්තය මතට පතිතකොලේ නැතැ. හුරේ................. 

ඇති යන්තම් එහෙමවත් දීගත්තා.............. කොහොම හරි උඩ පැන පැන ඉස්කෝලෙට මූ සැපත් වෙනකොට සෙට් එක ඉන්නවලු පනාවදාගෙන. අඩෝ මොකො වුනේ........ අරක දූන්නද, කොබලපන් මූණ රන්පා මාක් තියෙනවද කියලා ( හැ ඉස්කොලේ යනකොට සෙරප්පු දාන් යනවැයි ), පික්සු හැදෙයි බං මූ දීලා නැ ඔන්න ඔයවගේ කතා රාෂියයි. දුන්න බං දුන්නා හැන්දැවට බලමු මොකෝ වෙන්නෙ කියලා ( ටිකක් විතර චකිතයෙන් වගේ ;). එළ කිරි, උබ එළ කොල්ලෙක්නේ බං, කොහොමද බං ඒක දුන්නේ කියලා ඔන්න ආයෙ අරුන් ටික එක එක විකාර අහන්න පට්ටන් ගත්තලු. 

ඔය සීන්ස් අස්සෙ කොහොමෙන් කොහොමෙන්හරි ඉස්කෝලෙත් ඇරෙන වෙලාවට ආවලු. කොල්ලත් ඉතින් වීරයවගේ සෙට් එකත් පිරිවරාගෙන කෙල්ල බස් එකට නගින හෝල්ට් එකට ආවලු. බලන් ඉන්නවලු ඉන්නවලු ම්හ්ම් කෙල්ල නැලූ.......... ඔහොම ටිකක් වෙලා යනකොට මෙන්න කෙල්ල බස් එකකින් බැහැලාහෝල්ට් එකට එනවා...............

දැන් ඉතින් කොල්ලගෙ පපුවෙ බිතතර තම්බන ගානට පපුව සීතල වෙලාලු ( ඇයි දෙවියනේ මේකි මොනවා කියයිද දන්නෙ නැ නේ ). බැහැයි කිව්වොත් වස නෝන්ඩි සීන්z එක. ඒ අස්සෙ එතන හිටපු ගොඩක් එවුන් ඩයල් එකව අඳුරනවලු. හරි ඕන මගුලක් වෙන්න කියලා කොල්ලා එතන හිටපු යාලුවෙක්ට කතා කරලා මෙහෙම කිව්වලු අනේ මචං අරකිගෙන් අහපන්කො මොකෝ කියන්නේ කියලා..............

හෆොයි වස ලැජ්ජාවයි හිරිකිතේ බැලු. අරූ ( යාළුවා ) අහනවා ඇයි බං මම අහන්නේ උබ අහපියකො කියලා. දැන් පොර කියනවලු කමක් නැ උබ අහපන්කෝ මීටකලින් මට ඔව්ව අහලා පුරුද්දක් තියෙන එකක් යැ කියලා. හික්xxx.............
හරි දැන් ඉතින් පොරගෙ යාලුවවත් වැඩේට කැමතිකොරගෙන ගියාලු කෙල්ල ගාවට. බුවා ඉන්නව වෙන පැත්තක් බලාගෙන අර යාළුවා අහනවලු මෙන්න මෙහෙම "දැන් ඉතින්  මොකෝ වෙන්නේ මෙයා උදේ දුන්න ලියුමට ". මෙන්න බොලේ.................................... කෙල්ල බැග් එක අරිනවලු :O අතදාලා මොනවද හොයලා ගත්තලු. මලකෙලියයිzzzzz........ කුඩ රාජයෙක්. අයියෝ නැ නැ වැරදුනා කුඩ රාජයෙක් නෙමෙයි රිටන් ලියුම් රාජයෙක්. විසිල් විකාරයක් සමග බල්ටි පෝලිමක් ( කොල්ලාගේ හිත ඇතුලෙන් ) එක්ක ලියුම ගත්තා කොල්ලයි යාළුවයි සුටුස්ගාලා එතනින් මාරු :) 

දැන් ඉතින් සෙට් එක ගාවට ගිහින් ලියුමට වැඳලා කරලා එහෙම ලියුම් රාජයා දිගාරිනවලු. ඒකේ මේන් මේ විදියට තියෙනවලු දිලිසෙන අකුරෙන්.................................................. ඉතිරි කොටස සමගින් හෙට නැවත හමුවෙමුzzzzzzzz  ඔබ සැමට ජයවේවාzzzzzzz :)

This entry was posted on Thursday, January 27, 2011. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response.

7 Responses to “ආදර හසුන”

  1. අඩෝ කැත වැඩ කරන්නේපා.......... :D

    ReplyDelete
  2. මොනාද යකෝ බලු වැඩ කරන්නෙ දාපං ඉතිරිවා :-D

    ReplyDelete
  3. කැත වැඩ කරන්න එපා යකෝ

    ReplyDelete
  4. කුට්ටි කලානේද???? සැක්..... කෑවා.......

    ReplyDelete
  5. හික් හික්.. මේ පැත්තේ ආවාට කමෙන්ට් දැම්මේනම් නෑ මේක දැකලා කමෙන්ට් එකක් දාලා යන්නම හිතුනා.. අලුත් සයිට් එකට සුබ පැතුම්..!

    ReplyDelete
  6. අඩෝ මේක මෙගා නාට්ටියක් කරන්න එපා....

    ReplyDelete
  7. ඇඩ්වෙන්චර්ස් ඔෆ් ජේ.ඩී.. හික් හික්.. එල එල...

    ReplyDelete